Wednesday, March 2, 2016

Smart phone



                                                       ස්මා(ර්)ට් ෆෝන්

                                                                


      
                     අද්‍යතන ගෝලිය සමාජ සමාජ සන්ධර්භය තුළ නව මාධ්‍ය ප‍්‍රධාන බලවේගයක් ලෙස කි‍්‍රයාත්මක වේ.ඉතා ළදරු මට්ටමක පැවති සන්නිවේදන ක‍්‍රමය එකම ජාලයකින් බැද දැමීමට නවමාධ්‍යයට හැකි වී තිබේ.

 “නවමාධ්‍ය යනු මධ්‍යගත සන්නිවේදන තාක්ෂණයේ සහ ඩිජිටල් පරිගණකය අතර සිදුවන සරණ            මංගල්‍යයයි
                                   (http://www.dictioíry.babylon.com,18/12/2015)
     
                  අන්තර්ජාලය ප‍්‍රමුඛ කරගත් මාධ්‍ය නවමාධ්‍ය ලෙස සරලව විග‍්‍රහ කළ හැකිය. නවමාධ්‍යයේ ජාලගත ආකෘතියක් පවතී. ඕනෑම ස්ථානයකින් ප්‍රවේශ වීමටද  ඕනෑම ස්ථානයකින් පිටවීමටද හැකිය.එහිදී One to one, one to many, many to many යන ආකාර තුනටම සන්නිවේදනය කළ හැකිය. බලය විමධ්‍යගතව පවතී. සාම්ප‍්‍රදායික මාධ්‍ය මෙන් ධුරාවලි ස්වභාවයක් දක්නට නොමැති වීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.
                   
                    නවමාධ්‍ය තුළ ජංගම දුරකථනය(Smart phone)ප‍්‍රධාන බලවේගයක් බවට පත්ව තිබේ.අංකිත(Digital) තාක්ෂණය මත පදනම් වූ ජංගම දුරකථනය(Smart phone) නව සමාජ සංස්කෘතියක් පිහිටුවීමේ ප‍්‍රධාන සමාජ කාරකයක් ලෙස කි‍්‍රයාත්මක වේ.සාම්ප‍්‍රදායික දුරකථනයෙන් (Traditional Telephone)   අන්තර්ජාල  පහසුකම් සහිත නව තාක්ෂණික දුරකථන(Smart phone) බිහි වීමට පදනම සැකසෙන්නේ 2000 වර්ෂය තුළය. MID 2000 Genaral Packert Radio Service [GPRS] පහසුකම සහිතව ආරම්භ වේ.ස්මාර්ට් ෆෝන්  බිහිවීමේ ප‍්‍රධාන සංධිස්ථාන කිහිපයක් මෙසේ හදුන්වා දිය හැකිය.
              
             2000 - GPRS පහසුකම හදුන්වාදිම
             2007  - ඔක්තෝම්බර්  3G තාක්ෂණය
             2007  - ජනවාරි Iphone හදුන්වාදිම
             2008  - ජූලි App Store හදුන්වාදිම
             2008 -  ඔක්තෝම්බර් Android Markert හදුන්වාදිම
             2009 -  අපේ‍්‍රල් Black Berry App store හදුන්වාදිම
             2009 -  දෙසැම්බර් 4 G  හදුන්වාදිම
             2010 -  ඔක්තෝම්බර් Windows Phone හදුන්වාදිම
            2012  -  App Usage 50% දක්වා වැඩිවීම
            2013  - Firefox OS හදුන්වාදිම
           
                  වර්තමානය වනවිට සාම්ප‍්‍රදායික ජංගම දුරකථනය වඩා ස්මාර්ට් ෆෝන් භාවිතය  වැඩි වී තිබේ.එමෙන්ම පරිගණකයට වඩා ස්මාර්ට් ෆෝන් භාවිතයෙන් අන්තර්ජාල පරිහරණයට පුද්ගලයා පෙළඹී තිබීමද අද්‍යතන මාධ්‍ය ප‍්‍රවනතාවක් ලෙස හදුනා ගත හැකිය.

 “අන්තර්ජාලයේ ඉදිරි දියුණුවට කෙලින්ම බලපාන්නේ පරිගණකය නොව ජංගම දුරකතනය බව ගූගල් සමාගමේ ප‍්‍රධාන උපදේශකයා වන වින්ට් සර්ෆ් (Vint Surf )පවසයි.
                        (විජය පරිගණක,2007.ජුනි,පි:15)
          
                 වර්තමානය වනවිට සර්ෆ්ගේ මෙම ප‍්‍රකාශය යථාර්ථයක් බවට පත් වෙමින්  පවතී.මෙම නව ප්‍රවණතාවය සදහා හේතු විමසා බලන විට පරිගණකයට වඩා ස්මාර්ට් ෆෝන් මිලදී ගැනීමට අඩු මුදලක් වැයවීම,ලාභදායි විම,ආරක්ෂිතභාවය වැඩිවීම,භාවිතයේ පහසුව( ඕනෑම ස්ථානයකට පහසුවෙන් රැගෙන යාමේ හැකියාව) ප‍්‍රමාණයෙන් කුඩා වීම,ආකර්ශනීය නිමාව ,භාවිතයට විශේෂ හැකියාවක් අවශ්‍ය නොවීම දැක්විය හැකිය.සාම්ප‍්‍රදායික ජංගම දුරකථනයට වඩා ස්මාර්ට් ෆෝන් හරහා විශාල සේවා රැසක්  ලඟාකර ගැනීමේ හැකියාවද මෙය ජනපි‍්‍රය  වීමට බලපා තිබේ. ඒ අනුව App Stor,Smart Device,Finger Gesturse [Touch screen]Application,Mobile Oparation System, වැනි දියුණු තාක්ෂණයන් සහිතව මෙම නව ජංගම දුරකථනය වෙළදපළ අතික‍්‍රමණය කරමින් සමාජ භාවිතයට පැමිණ තිබේ.ස්මාර්ට් ෆෝන් හරහා විශාල කාර්යයන් ප‍්‍රමාණයක් ඉටු කර ගැනිමට හැකියාව ලැබි තිබේ. එනම්,





 ස්මාර්ට් ෆෝන් තාක්ෂණය පිළිබඳ අවධානය යොමුකරනා විට එය දිනෙන් දින වෙනස් වෙමින් නව තාක්ෂණයන් හරහා ඉදිරියට පැමිණේ.
1980 - 1G-First Genaration-Limited data Service
1990 - 2G-2nd Genaration-Speed of up to 153.6 kbit/s
2000 - 3G-3rd Genaration- Speed of up to 56 Mbit/s
2010 - 4G-4th Genaration- Speed of up to 1Gbit/s
                
වෙළඳපළ තුළ නවතම ජනපි‍්‍රය වෙළඳ භාණ්ඩය බවට ස්මාර්ට් ෆෝන්  පත් වී තිබේ.මේ වනවිට 4 G උපාංගය සහිතව ස්මාර්ට් ෆෝන් පැමිණේ. උදාහරණ ලෙස,සැම්සුන් සමාගමෙන් ලංකාවට හදුන්වා දුන් 4G Galaxy A5[2016], Galaxy A7 [2016]  දැක්විය හැකිය.සමාජ සබදතා මෙන්ම ව්‍යාපාරික සබදතා පවත්වාගෙන යාමේ ප‍්‍රධාන උපකරණය බවට ස්මාර්ට් ෆෝන්   පත්ව තිබේ.උදාහරණ ලෙස කැපිටල් එලායන්ස් (CAL ) මගින් ලංකාව තුළ මුල්‍ය වෙළඳපල තුළ Call online ක‍්‍රමය හරහා ආයෝජන අවස්ථා ඇඟිලි තුඩු වලින් ඉටු කරදිමට අවස්ථාව ලබා දීම දැක්විය හැකිය. ස්මාර්ට් ෆෝන්  හරහා  ඕනෑම අයෙකුට  ඕනෑම අවස්ථාවක තමාගේ ආයෝජන පිළිබද රැදී සිටිමින් මිලදී ගැනීමට විකිණීමට හෝ හුදෙක් ඒ පිළිබඳව දැනුවත් වීමට නිරන්තරයෙන් හැකියාව ලැබේ.
             ස්මාර්ට් ෆෝන් තාක්ෂණයේදි ස්මාර්ට් ෆෝන්(Brands)   වර්ග භාවිතයේ නව ප‍්‍රවණතාවය මෙලෙස දැක්විය හැකිය.

                                                      84% -  Android phone
                                                      12% -   IOS phone
                                                       3% -     windows phone
                                                       1% -   Black Berey  phone


           ස්මාර්ට් ෆෝන්  භාවිතයේ වර්ධනය සඳහා විවිධ Application භාවිතයේ පහසුකම බලපා තිබේ.ඒ අනුව  මිලියනකට වඩා App ප‍්‍රමාණයක් කි‍්‍රයාත්මක පවතී.අතරැදි කුඩා ජංගම දුරකතනය (ස්මාර්ට් ෆෝන්) හරහා  විශාල සේවා රාශියක්  ලබා ගැනීමට හැකියාව ලැබේ.






 ස්මාර්ට් ෆෝන් හරහා සිදුවූ නව ප‍්‍රවණතාවක් ලෙස Selfi  Camera photo ක‍්‍රමය හදුන්වා දිය හැකිය. සාම්ප‍්‍රදායික ජංගම දුරකථනය වඩා ස්මාර්ට් ෆෝන් භාවිතය  වැඩි වීමත් අන්තර්ජාල පරිහරණයට පරිගණකයට වඩා ස්මාර්ට් ෆෝන් යොදාගැනීමත් අද්‍යතන මාධ්‍ය ප‍්‍රවණතා ලෙස දැක්විය හැකිය.  


ක්ෂේත‍්‍ර පර්යේෂණය
         
                          ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  විශ්වවිද්‍යාල සිසුන්ගේ 
                                                    Smart ෆෝන් භාවිතය
නියදිය
විශ්වවිද්‍යාලයේ  මානව ශාස්ත‍්‍ර හා සමාජිය විද්‍යා පීඨයේ  සිව්වන වසර සිසුන් 50  දෙනෙකු අධ්‍යයනයට යොදාගන්නා ලදි

පර්යේෂණ ක‍්‍රමවේදය
 ප‍්‍රශ්නාවලියක් මගින් දත්ත ඒකරාශී කිරීම සිදුවිය.

දත්ත ඉදිරිපත් කිරිම
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  විශ්වවිද්‍යාල සිසුන්ගේ  Smart Phone භාවිතය
නියදිය - 50

 Phone  වර්ගය                         ප‍්‍රමාණය                       ප‍්‍රතිශතය 

Smart Phone                              39%                           78%
Smart Phone නොවන                11%                            22%
 
              
       


                           Smart Phone වර්ගය  (Brands )       
             
Brands                                           ප‍්‍රමාණය                      ප‍්‍රතිශතය
                                                          (39)

Android phone                                   38                            97.43 %              
IOS phone                                           -                               0%
windows phone                                   1                             2.56 %
Black Berey phone                              -                              0%

            
 මෙම පර්යේෂණය අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ  Smart Phone භාවිතය 78‍% ක ඉහල ප‍්‍රතිශතයක පවතී.  එමෙන්ම Smart Phone වර්ග(Brands )   තුළින් Android phone සඳහා 97 ‍% වැඩි භාවිතයක් දැකගත හැකිය. windows phone සඳහා  3‍%  අඩු භාවිතයක්ද, Black Berey phone IOS phone භාවිතා නොවන ආකාරය දත්ත විශ්ලේෂණයේදි අනාවරණය විය.

No comments:

Post a Comment