සන්නිවේදනය
යනු සාමාජික කි‍්‍රයාවලියකි.පුවත්පත,ගුවන්විදුලිය,රූපවාහිනිය ආදි නවින
තාක්ෂණයේ වර්ධනය සමග ප‍්‍රභවය ලැබූ මාධ්‍ය මගින් සන්නිවේදන කාර්ය ඉටු කර ගැනීමට
සමාජය යොමු විය.ජනමාධ්‍ය තුළ ජනමාධ්‍යවේදියා යනු සුවිශේෂී පුද්ගලයෙකි.ඔහුට වෙනත්
වෘත්තිකයෙකුට වඩා විශාල සමාජ කාර්යභාර්යක් පැවරේ.
ජනමාධ්‍යවේදියා
යනු,
“පොදුජන විඥානය හේතුකොට ගනිමින් ජනමාධ්‍ය
නැමති බලවේගය හසුරුවන්නා,වේදය
දරන්නාය.ඔහු වෘත්තීය මට්ටමින් කි‍්‍රයාත්මක වනවා යනු නිශ්චිත අයුරින් දාර්ශනික
සමාජ,ආර්ථික, ඵෙතිහාසික හා
මානව විද්‍යාවන් සම්බන්ධ දැනුමක් ලබා සිටිය යුතු සේම ඔහු සාමාන්‍ය ලෝකය වටහා ගන්නා, ලෝක දෘෂ්ටිය
වෙනුවට දාර්ශනික ලෝක දෘෂ්ටියක්ද,සාමාන්‍ය බුද්ධිය වෙනුවට විශේෂිත වෘත්තිමය
බුද්ධියකින් ද නියුක්ත විමයි”
මාධ්‍යවේදියා කිසියම් රාජකාරියක
නිරතවන සමාජ පිළිගැනීමක් ඇති පිළිගත් වෘත්තිකයෙකි.ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ වෘත්තීය හෝ වෘත්තීමය ගුණාත්මක බව හෝ ආකෘතික ගත
ස්වරුපය මෙන්ම වෘත්තිය කිරිමේ හැකියාව දක්ෂතාවය කුසලතාවය සහිත වීම වෘත්තිකභාවය” ලෙස දක්වා
ඇත.ඒ අනුව ප‍්‍රායෝගිකව පුහුණුව ලබා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ කලාත්මකව සන්නිවේදනය කළ හැකි පුද්ගලයා වෘත්තිමය
මාධ්‍යවේදියකු වේ.වැඩසටහන් නිපදවිම, සංදේශ සකස් කිරිම, නිර්මාණය
කුමක් අරබයාද යන්නත්, එම නිර්මාණය
සැබෑ නිදහස පිළිබදවත් එසේම සමාජ
ගැටලූ සිද්ධීන් සම්බන්ධව විශේෂ පොදු න්‍යායාත්මක දැනුමකින් එය නිර්මාණය කළ
යුතුය.ජනමාධ්‍යවේදියා යනු සමාජයේ පෙරගමන් කරුවෙකි.සමාජය ඔසවා තබන හඞක් සහිත පුද්ගලයෙකි.
මාධ්‍යවේදියාට ආචාර ධර්ම
පද්ධතියක් පවතී.තම වෘත්තිය තුළ ගුණාත්මක බාවය දක්ෂතාවය කුසලතා තිබිය යුතුය.නීති
අධ්‍යාපනය, දැනුම, මාධ්‍යමය
වගකීම අවශ්‍ය වේ.සමාජ ආරක්ෂාව සදහා සෑම
විටම කටයුතු කළ යුතු අතර සමාජයේම පවත්නා
විෂමතාවයන් කවරේදැයි විදහා දැක්වීම ආදිය සමග ජනමාධ්‍ය අරමුණු ඉටුකරදිමේ කි‍්‍රයාවලියෙහි
නිරත විය යුතුය.විධිමත් පුහුණුවක් සහ පළපුරුද්ද ලබා අදාල විෂය පිළිබඳ විශාල දැනුම්
සම්භාරයක් උකහා ගත යුතුය.මාධ්‍ය කි‍්‍රයාවලියේදී මාධ්‍යවේදියාට භාෂාව පිළිබඳ
අවබෝධය ඉතා වැදගත්වේ.
“ජනමාධ්‍ය වෘත්තියන්හි යෙදෙන හැමෝම පාහේ භාෂා
මාධ්‍ය භාවිත කරන්නෝ වෙති.මුද්‍රිත මාධ්‍ය පිළිබඳව නම් මේ කියමන ඉතා පැහැදිලිය.
පොතපත,සඟරා,වාර ප‍්‍රකාශන, දැන්වීම් ආදි
විවිධ වර්ග වල මුද්‍රිත මාධයයන්ගේ ජීවය නම් භාෂාව වන හෙයිනි.පුවත්පත් කලාවෙහි වාර
ප‍්‍රකාශන සහ සෙසු මුද්‍රිත මාධයන්හි ප්‍රධාන අවිය භාෂා ව්‍යවහාරයයි ”
(ආරියදාස,1993,පි 119)
නිර්මාණශීලී දැක්මක් (Creative
vision)
පැවතීම අත්‍යවශ්‍ය
අංගයකි.දැක්ම(vision) වගකීම (Responsibility) නිවරැදි බව(Accuracy)මතයක් දැරීම(Opinion) නිරවුල් බව (cliarty) මාධ්‍යවේදින්
සතුව පැවතිය යුතුය. ඔහු අදීන විය යුතුය.එක් පුද්ගලයෙකුට හෝ ආයතනයකට,
චින්තාවලියකට හෝ
දර්ශනයකට පක්ෂ හෝ විපක්ෂව කරුණු ඉදිරිපත්
කිරීම අනිවාර්ය වේ.ස්වාධීනව තම මනස වහල් කිරීමට ඉඩ නොදෙන සත්‍ය ගරුක අභීත හා උතුම්
සාරධර්ම දිවි තෙක් කඩ නොකරන පුද්ගලයෙක් විය යුතුය.
මාධ්‍යවේදියාට මෙසේ විශාල සමාජ
වගකීමක් පැවරුනද ජනතාව බලාපොරොත්තු වන ඒ මාහැඟි සමාජ මෙහෙවර වර්තමාන මාධ්‍යවේදියාගෙන්
ඉටු වනවාද යන්න පිලිබඳ ගැටලූවක් පවතී. වර්තමාන මාධ්‍ය තුළ පවතින දැඩි තරඟකාරීත්වය
හේතු කොට ගෙන ඇතමෙක් කිසිදු වගකීමකින් තොරව වඳුරාට දැලිපිහිය හමුවූවා සේ වගකීම්
රහිතව කි‍්‍රයාත්මක වේ.සන්නිවේදන විෂය පථය පිළිබඳව දැනුමක් නොමැතිව දේශපාලන මතයන්ට
පක්ෂග‍්‍රාහිව කටයුතු කරනු ලබයි.
ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේදී
භාවාතිෂය සිදුවීම්, අසම්මත
භාෂාවකින් ග‍්‍රාහක ගත කිරිම මෙන්ම ජුගුස්සාජනක ඡායාරූපකරණයේ සකල මානව ගුණධර්මද
විනාශ කරන ආකාරයක් දැකගත හැකිය. වර්තමානයේ ප‍්‍රවෘත්ති බවට පත්ව ඇත්තේ මිනිමැරුම්, රිය අනතුරු,ගැටුම් හා
අඩුපාඩු ප‍්‍රදර්ශනයන්, පෙළපාලි යාම, ආදී ගැටලූ රැසක්
නිර්මාණය වූ තත්වයන්ය. අසභ්‍ය හා රසඥතාවය,පහත් පෙළේ භාෂා ව්‍යවහාරය, ලිංගික
අසාධාරණයන් එළිදැක්වීම, සිද්ධිය සත්‍ය
ලෙස නොදක්වා විවරණ සැපයිමට යාම, ලිංගික අපරාධවල වින්දිතයන් ප‍්‍රකාශයට පත්
කිරීම, සෘඡු
මාර්ගයෙන් තොරතුරු ලබා නොගැනීම, හිංසන ක‍්‍රියා පිළිබඳ සවිස්තර කාරණා
පිළිවෙලින් ලියා දැක්වීම,
අසත්‍ය, කපා දැමූ විකෘති මළකඳන් පෝලිම් කර දැක්වීම
වැනි දේ වර්තමාන මාධ්‍ය තුළ දැක ගත හැකිය.
පාඨකයාට වඩාත් සත්‍ය හා නිවැරදි
විනිවිද බවකින් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීම වෙනුවට සත්‍ය සිදුවීම් සම්පූර්ණයෙන්ම
කනපිට හරවා ලබාදීම තුළින් පාඨකයාට
ලබාදෙන සත්‍යගරුක බව කුමක්ද? කරුණු වඩාත්
තහවුරු කිරීම් වෙනුවට කිසිවක් සොයා නොබලා ඉදිරිපත් කෙරෙන තොරතුරු මගින් සමාජයට
සිදුවන යහපත කුමක්ද? යන්න පිළිබඳව මාධ්‍යවේදීන් තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා
බැලිය යුතුය. විකෘති භාෂා රටා යොදා ගනිමින් එකිනෙකට පරස්පර විරෝධි තොරතුරු මාධ්‍ය
වෙතින් ඉදිරිපත් වූ විට අතරමන් වන්නේ ඊට හසුවන ග‍්‍රාහකයායි. එවිට අප අයත් සමාජය
තුළ සංස්කෘතිය තුළ වැරදි සහගත වැටහීම් ඇති වීම වැළැක්විය හැක්කක් නොවේ.
මාධ්‍යවේදියා
යනු රූකඩයක් නොවේ. මාධ්‍යවේදියා තම හෘද සාක්ෂියට අනුව නිවැරදිව කටයුතු කළ යුතුය.
මාධ්‍ය හැසිරවීමේදි නිවැරදිව අපක්ෂපාතීව මධ්‍යස්තව ශීක්ෂණයකින් යුතුව කටයුතු කිරීම
අවශ්‍යය. ජෝසප් පුලිස්ටර් විසින් මාධ්‍යවේදීන්ට දුන් අවවාදය වන්නේ නිවැරදි වන්න !නිවැරදි
වන්න! නිවැරදි වන්න! යන්නයි. මෙසේ තෙවරක් නිවැරදි යන්න කිමට හේතු වන්නේ නිවැරදි
මාධ්‍ය මගින් ග‍්‍රාහකයා වෙත ලබා දෙන සන්දේශයේ ඇති වැදගත්කම නිසාය.
මාධ්‍යවේදියා
යනු සමාජ වගකීම් රැසක් කර පින්නාගත් නිලනොවන සමාජ සේවකයෙකි.ජනමාධ්‍ය සතු අපරිමිත
බලය භාවිත කළ යුත්තේ ගුරු භවතෙකු පරිද්දෙනි.ගුරුවරයා තමන්ගේ දරුවන් පමණක් නොව සෑම
දරුවෙකුම තම දරුවන් ලෙස සලකනු ලබයි. ජනමාධ්‍යවේදියා නියෝජනය කල යුත්තේ වරප‍්‍රසාද
භුක්ති විදින සිමීත ප‍්‍රභූ පන්තිය නොව අති විශාල වූ සාමාන්‍ය ජනතාවයි. විස්වාසයෙන් තොර වූ මාධ්‍යවේදියා ජීවය
නිරුද්ධ සිරුරකට සමාන යැයි වැදගත් කියමනක් තිබේ. දේශපාලඥයින්ගේ හස්තයට හා මාධ්‍ය
හිමිකාරීත්වයේ හස්තයට හසු වූ මෙවන් සමාජ යුගයක පෙරට වඩා වැඩියෙන් හෙට දවසේ සැබෑ
ජනමාධ්‍යවේදීන්ගේ බිහිවීම රටට අවශ්‍ය වී තිබේ.

No comments:
Post a Comment