ජනමාධ්‍ය කර්මාන්තය
“ජනමාධ්‍ය සමාජ
ආරක්ෂකයෙකු ලෙසද ගුරුවයෙකු ලෙසද සංවාද මණ්ඩපයක් ලෙසද කි‍්‍රයා කළ යුතුය”
-විල්බර් ශ‍්‍රාම්-
සමාජයට ඉටුවිය යුතු මුලික වගකීම් රාශියක් ජනමාධ්‍යයට පවතී.ජනතාවට තොරතුරු
ලබාදීම,දැනුම අධ්‍යාපනය ලබාදීම ඉන් ප‍්‍රමුඛ වේ.එහෙත් වර්තමාන
මාධ්‍ය කි‍්‍රයාකාරීත්වය දෙස අවධානය යොමු කරන විට මාධ්‍ය සියල්ලක්ම ලාභ
පරමාර්ථයෙන් කි‍්‍රයාත්මක වන ආකාරය දැකගත හැකිය.ජනපි‍්‍රය වැඩසටහන් වලට මුල්තැන
දෙමින් ජනතා අවශ්‍යතාවන්ට වඩා හිමිකාරීත්වයේ අපේක්ෂාවන් සදහා මුල්තැන ලබා දීම සිදු
වේ.
වර්තමානයේ විනෝදාස්වාදයට වැඩි ඉඩක් ලබා දෙමින් ඒ හරහා ජනපි‍්‍රයත්වයට
පත්වීමත්,ඒ හරහා ලාභ අපේක්ෂාවෙන් සිය සමාජ වගකීම් ප‍්‍රමුඛතාව
වෙනස්ව උඩු යටිකුරුව කි‍්‍රයාත්මක වේ.රියැලිටි ෂෝ, ඉන්දියානු,කොරියානු ටෙලිනාට්‍ය,ආදි ජනපි‍්‍රය සංස්කෘතිකාංග මාධ්‍යයට එකතු වන්නේ ලාභ පරමාර්ථය පදනම් කොට
ගනිමිනි.නිවෙස් වලට ගොස් මුදල් ලබාදීම ආදී විවිධ ක‍්‍රමෝපායන් මගින් තම මාධ්‍ය වෙත
ආකර්ෂණය කර ගැනීමටත්,ඒ හරහා වෙළඳ දැන්වීම් තම මාධ්‍ය ආයතන වෙත යොමු කරවා
ගැනීමේ මාධ්‍ය තරඟයක් කි‍්‍රයාත්මක වේ.
ලාභය උපයන ප‍්‍රධාන මෙවලම බවට පත්වී ඇත්තේ වෙළඳ දැන්වීම්ය.මිනිසාගේ අවශ්‍යතා
සංකීර්ණ තත්වයට පත්වීමත් සමගම සමාජය තුළ නිෂ්පාදනය වු භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා
වෙත ගෙන යාමේ තරඟකාරීත්වයක් නිෂ්පාදනයන් තුළ ඇතිවී තිබේ.එයට හේතු වන්නේ එකම භාණ්ඩ
හා සේවාවන් සදහා විශාල නිෂ්පාදන ප‍්‍රමාණයක් ගොඩ නැගී තිබීමයි.මෙකී තරඟකාරී නිෂ්පාදන රටාව තුළ අලවිකරණයද තරඟකාරී
මුහුණුවරකින් වර්තමාන ලෝක ආර්ථිකයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ.
“වෙළඳ දැන්වීම්
යනු තමන්ට අනවශ්‍ය දෙය මිලදි ගැනීම සදහා
පොළඹවන කලාවයි”
-විල් රොජර්ස්-
පෞද්ගලික විකුණුම් වැඩි කර ගැනිම
සදහා පොදුවේ විශාල පිරිසකට එකවර ලගාවීමේ
හැකියාව පැවතීම නිසා නිෂ්පාදන ආයතන ජනමාධ්‍ය සමඟ නිරන්තරයෙන් කටයුතු කරනු
ලැබේ.සමාජ සම්බන්ධතා සියල්ල මුල්‍ය වටිනාකම් මගින් තීරණය වන වර්තමාන සමාජ ක‍්‍රමය
තුළ මාධ්‍යයද වාණිජ අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණයට යොමුව
පවතී.නමුත් මෙහි ඇති ඛේදජනක තත්වය වන්නේ මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ලාභ
ඉපයීමේ පරමාර්ථයට මුල්තැන දෙමින් සමාජයට ඉටු කළ යුතු වගකීම් පැහැර හැරීමය.
මිනිසුන්ගේ වැඩි අවධානයට යොමුවන ප‍්‍රවෘත්ති වැඩසටහන් තුළද වෙළඳ දැන්වීම්
බහුලව ඉදිරිපත් වේ.ප‍්‍රවෘත්ති බුලටින් කාලය තුල වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීම
සම්බන්ධව පොදු පිලිගැනීම් පැවතියද වර්තමානයේ ඒවා බිඳ වැටී තිබේ.උදාහරණ ලෙස ප‍්‍රවෘත්ති
ආරම්භ වී මුල් විනාඩි 03 තුළ වෙළඳ දැන්විම් ඉදිරිපත් කිරිම මෙලෙස දැක්විය හැකිය.
- නාලිකාව - හිරු
T.V
රාතී‍්‍ර 7.00 ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය
දිනය - 2016 පෙබරවාරි 21 වන ඉරිදා
ආරම්භය - රාතී‍්‍ර 7.00 වේලාව සිහිපත් කිරිම
වෙළඳ දැන්විම්
- රාතී‍්‍ර 7.00.01 සිට 07.00.25 දක්වා (තත්පර
25)
සිරස්තල
- රාතී‍්‍ර 7.00.25 සිට 07.01.39 දක්වා (විනාඩි
01 තත්පර 14)
වෙළඳ දැන්විම්
- රාතී‍්‍ර 7.01.40 සිට 07.02.10 දක්වා (තත්පර
30)
ප‍්‍රවෘත්ති ආරම්භ වී මුල් විනාඩි 03 තුළ සමස්ථ වෙළඳ දැන්විම් කාලය-තත්පර 55
- නාලිකාව - දෙරණ T.V
රාතී‍්‍ර 8.00 ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය
දිනය - 2016 පෙබරවාරි 24 වන බදාදා
ආරම්භය -
රාතී‍්‍ර 8.00 වේලාව සිහිපත් කිරිම
වෙළඳ දැන්විම් - රාතී‍්‍ර 7.00.01 සිට 07.00.03 දක්වා
(තත්පර 03)
සිරස්තල - රාතී‍්‍ර 7.00.04 සිට 07.01.03 දක්වා
(තත්පර 59)
වෙළඳ දැන්විම් - රාතී‍්‍ර 7.01.04 සිට 07.01.25 දක්වා
(තත්පර 21)
ප‍්‍රවෘත්ති ආරම්භ වී මුල් විනාඩි 03 තුළ සමස්ථ වෙළඳ දැන්විම් කාලය - තත්පර 24
වර්තමාන තොරතුරු සමාජය තුල වටිනාම වෙළඳ භාණ්ඩය බවට පත්ව ඇත්තේ
තොරතුරුය.එනම් ප‍්‍රවෘත්තිය.ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප්‍රකාශන කිහිපවරක් විකාශනය,
පැයෙන් පැය පුවත් විකාශනය,විනාඩි තිහෙන් තිහ සිරස්තල ඉදිරිපත් කිරීම සිදු කරන්නේ
වෙළඳ දැන්වීම් හරහා ලාභ උපයා ගැනීම සඳහාය.ප‍්‍රවෘත්ති සඳහාම වෙන් වූ රූපවාහිනී
නාලිකා බිහිවීම ද මේ වනවිට සිදුවේ.සමහරක් මාධ්‍ය ආයතන තම වාණිජ නිෂ්පාදන
විකුණාගැනීම සඳහාම පිහිටුවා තිබේ.දිනයේ වේලාව විශාල වාර ප‍්‍රමාණයක් සිහිපත්
කරන්නේද වෙළඳ දැන්වීම් සමගය.මෙහිදී සෑම මාධ්‍යයටම සැගවුන න්‍යාය පත‍්‍රයක්
පවතී.එනම් ලාභයයි.
දේශපාලන මැතිවරණ සමයේ ජනමාධ්‍ය තම හිතවත්
දේශපාලන ප‍්‍රතිරූපය ගොඩ නැංවීමටත් වෙළඳ දැන්වීම් විකාශනයටත් වැඩි ඉඩක් ලබාදේ.සමහර
වැඩසටහන් වෙළඳ නිෂ්පාදන පදනම් කර ගනිමින් එම නාමයෙන් ඉදිරිපත් කෙරේ.උදෑසන සිට රූපලාවණ්‍ය
වැඩසටහන් ,විනෝද ,තරඟ ,වාර්තා,සූපවේදී ආදී වැඩසටහන් දැක්විය හැකිය.බොහෝ විට දරුවන් ඉලක්ක කරගනිමින්
ඔවුන්ගේ දෙමව්පියන්ට කරදරකාරී වන ලෙස වෙළඳ දැන්වීම් සකස් කර තිබේ.
ආරම්භයේ පටන්ම නොනවත්වා වෙළඳ
දැන්වීම් ඉදිරිපත් කිරීමෙන් අතිශෝක්තියෙන් බොරු ලේබල් ගසා විකුණන නිෂ්පාදන
මිනිසුන් බුක්ති විදින්නේ මාධ්‍ය විසින්ම ලබාදෙන ප‍්‍රමිති සහතිකයද අතුරුපස
ලෙස ගනිමිනි.ජනමාධ්‍ය මගින් සමාජයට
සිදුවිය යුතු සේවය,යුතුකම හා වගකීම කෙසේ වුවද ඇස්කිමෝවරුන්ට අයිස්
විකුණන්නටත්,තට්ට දාරීන්ට පනා විකුණන්නට තරම් මාධ්‍ය දක්ෂව පවතී.ලාභය (Profit), ප‍්‍රචාරය (Propaganda) ,බලය (Power),වරප‍්‍රසාද (Prvilege) ලබාගැනීමේ අරමුණු පෙරදැරි කරගනිමින් කි‍්‍රයාත්මක
වේ.ජනමාධ්‍ය සමාජයේ පෙර ගමන්කරුවාගේ, ගුරුවරයාගේ, ආරක්ෂකයාගේ සංවාද මණ්ඩපයේ වගකීම ඉටු කරනවාද?පොදුවේ සමාජ ප‍්‍රගමණයට අවශ්‍ය ආකල්ප හා දැනුම ලබාදෙනවාද?
එසේ නොමැතිනම් ඔවුන්ගේ වෙළඳපළ
තරඟය ජයගැනීම සඳහා භාණ්ඩ විකිණීමට අවශ්‍ය මතවාද ජනතාව තුළ බලෙන් රෝපණය කරනවාද?යන ප‍්‍රශ්න පිළිබඳ පෙරට වඩා සිතීමට අද කාලය එලඹ තිබේ.
?