Monday, April 18, 2016

new media



                                                                        අන්තර්ජාලය

                                                                              (Internet)

 

මානව සංහතියේ ආරම්භයේ ඉතා ළදරු අවස්ථාවක පැවති සන්නිවේදන කි‍්‍රයාවලිය වර්තමානය වන විට අන්තර්ජාලය (Internet) විද්‍යුත් අවකාශය (Syber Space) වැනි නවීන තාක්ෂණයේ උසස් ස්වරූප අත්කරගෙන ඇත. නූතන තාක්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසින් වත්මන් තොරතුරු සන්නිවේදන ක‍්‍රියාවලියට අන්තර්ජාල මාධ්‍යය එක් වූ අතර එය වර්තමාන වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්තිය මානව, සාමාජීය හා ආර්ථික වශයෙන් දෛනික කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටුකර ගත හැකි බහුකාර්යය මෙවලමක් බවට පත්ව තිබේ.
අන්තර්ජාලය යන්න හඳුනා ගැනීමේදී විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කර තිබේ. ඒ අනුව ‘‘ඉන්ටර්නෙට් (Internet) යන වචනය සෑදී ඇත්තේ ඉන්ටර් කනෙක්ටඩ් නෙට්වර්ක් (Inter Connected Network) යන්න කෙටි වීමෙනි’’(ජයවර්ධන, 1996, 21 පිටුව). එමෙන්ම අනතර්ජාලය අනෙක් මාධ්‍යයන්ට වඩා වෙනස්කම් රාශියකින් යුත් වේගවත් මාධ්‍යයකි. අන්තර්ජාලයට එකවර විවිධ කාර්යයන් ඉටු කිරීමේ හැකියාව හිමි වී තිබේ. එය එක් අතකින් තොරතුරු ප‍්‍රචාරය කිරීමේ යන්ත‍්‍රයකි. එනම් අන්තර්ජාලය යනු පුද්ගලයන් හා ඔවුන්ගේ පරිගණක සමග භූගෝලීය බාධක නොතකමින් සහයෝගීතාව හා අන්‍යෙන්‍ය ප‍්‍රතික‍්‍රියාව ගොඩනංවන මාධ්‍යයක් ලෙස හැදින්විය හැකිය.

 ‘‘21 සියවසේ සන්නිවේදනය හැටියට හඳුන්වාදෙන අන්තර්ජාලය තාක්ෂණික අංශයෙන් අනෙකුත් මාධ්‍යයන්ට වඩා ඉහළින් සිටින මාධ්‍යයකි. අන්කිසි මාධ්‍යයක නොමැති විශ්ව ව්‍යාප්තියක් හිමිකරගෙන තිබෙන ඉන්ටර්නෙට් දෘෂ්‍ය මාධ්‍යයක් මෙන්ම ශ‍්‍රව්‍ය මාධ්‍යයක් ද වෙයි. ඉන්ටර්නෙට් මාර්ගයෙන් විවිධ පුවත්පත්, සඟරා කියවීමට පමණක් නොව ගුවන් විදුලි වැඩසටහන් වලට සවන් දීමටත් පුළුවන, වීඩියෝ දර්ශන නැරඹීමටත් පුළුවන. මෙයින් පැහැදිලි වන්නේ වෙනත් එක් සන්නිවේදන මාධ්‍යයකින් ලබාගත නොහැකි සේවාවන් රැසක් එකම සන්නිවේදන මාධ්‍යයකින් ලබාගැනීමේ සමත්කම ඉන්ටර්නෙට් සන්නිවේදනයට තිබෙන බවය’’ (කරුණානායක, 2001, පිටුව 209).

අන්තර්ජාලය නියත වශයෙන්ම නිදහස් තොරතුරු හුවමාරු වන අවකාශයකි. එබැවින් මෙම දත්ත අවකාශය විශේෂයෙන් සයිබර් අවකාශය ලෙසද හදුන්වනු ලැබේ. ඉන් කියවනුයේ පාලනයෙන් තොර බවයි. එහෙත් අන්තර්ජාලයේ ප‍්‍රමිතිය පාලනය කිරීමේ උපදෙස් ලබා දීම වෙනුවෙන් අන්තර්ජාලය නිර්මාණ මණ්ඩලය නම් මණ්ඩලයක් තිබේ. මෙම ප‍්‍රමිතීන් සැකසීම අන්තර්ජාල කාර්යය සාධන බලකාය නම් සමූහයක් සිටී. බොහෝ ප‍්‍රවීණයන් මේ සදහා දායක වෙතත් මෙය පාලන මණ්ඩලයක් නොවේ. මේ අනුව විශේෂයෙන් කිව යුත්තේ අන්තර්ජාලය යනු කිසිදු හිමිකරුවෙකු නොමැති එයට සම්බන්ධ සියලූ පුද්ගලයන් දායකත්වයෙන් නිමවුණු මානව වර්ගයාගේ ආකල්ප පද්ධතියක් බවයි. එබැවින් මෙය නිදහස් මානව සංස්කෘතියකි”(අත්තනායක බන්දුල, 2000, පිටුව 132-133). අන්තර්ජාල සන්නිවේදන කි‍්‍රයාවලිය වර්තමානය වනවිට තොරතුරු සමාජ (Information Society) ගෝලීයකරණය (Globalization) වැනි නූතන සංකල්ප හමුවේ වඩා සංකීර්ණ සන්නිවේදන ක‍්‍රියාවලියකට බද්ධ වී තිබේ.

අන්තර්ජාලය මිහිමත එක් රැයකින් ඇති වූවක් නොවේ. එහි ඉතිහාසය පිළිබදව විමසා බලන විට ජාලයන්ගේ ජාලය පිළිබද සංකල්පය වර්ධනය වූයේ ආරක්ෂක කටයුතු සදහා භාවිතා කරන හමුදා ව්‍යාපෘතියක් යටතේය. අන්තර්ජාල මාධ්‍ය බිහිවීමට පදනම සැකසෙන්නේ 1960 දශකයේ මැදභාගයේය. ඇමරිකා එක්සත් ජනපදයේ ධනවාදී අවශ්‍යතා ඉටුකර ගැනීමේ මෙවලමක් ලෙස එනම් න්‍යෂ්ටික ප‍්‍රහාරයකට ඔරොත්තු දීමේ සන්නිවේදන ක‍්‍රමයක අවශ්‍යතාවයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. ”1950 දශකයේදී ඇමෙරිකාවේ සීතල යුද්ධයක් ඇති වුවහොත් ඉන් පසු සන්නිවේදන කටයුතු කරන්නේ කෙසේ ද යන්න ඔවුන් පෙළු ප‍්‍රශ්නයකි. පශ්චාත් න්‍යෂ්ටික ඇමෙරිකාවට නගරයෙන් නගරයට සම්බන්ධ වුණු ජනපදයෙන් ජනපදයට සම්බන්ධ වුණු පාලක හා පාලිත ජාලයක් අවශ්‍ය වනු ඇත. එහෙත් එම ජාලය කොතරම් ආයුධ සන්නද්ධව ආරක්ෂා කළ ද පරමාණු බෝම්බයකට ඒවායේ රැුහැන් ඔරොත්තු නොදෙනු ඇත. පරමාණුක පහර දීමක දී කොතරම් මුල් බැසගත් ජාලයක් වුව ද විනාශ වී යනු ඇත. එසේ නම් ජාලයට පාලක හා පාලිත හැකියාව ලබා දෙන්නේ කෙසේද සතුරන් පළමුවෙන්ම සන්නිවේදන ජාලයට පහර දෙන බව පැහැදිලිය.” (මලලසේකර, 2001, පිටුව 16). ඇමරිකාවේ ධනවාදී අවශ්‍යතා සපුරා ගැනීමේදී අන්තර්ජාලය බිහිවීමට පදනම සකසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. (U.S.A Department of Defence) 1957 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධව උසස් පර්යේෂණ ඒජන්සිය (Advanced Research projects Agencey Network) ආරම්භ කරන ලදී. මේ අනුව ආර්පනෙට් (ARPANET) ජාලය අනෙකුත් පරිගණක සමග තොරතුරු හුවමාරුකර ගැනීම හා බෙදාගැනීම ආරක්ෂා කර ගැනිමේ පරමාර්ථයන් මත පිහිටා ආරම්භ කරන ලදී.

මෙසේ න්‍යෂ්ටික ප‍්‍රහාරයකින් ආරක්ෂාව සදහා පිහිටුවා ගත් ආර්පනෙට් ජාලය බිහිවීමට 1962 දී ඇමරිකාවේ MIT සරසවියේ ජේ.සී.ආර්.ලික්ලයිඩර් නැමති පර්යේෂකයාගේ  පරිගණක ආශි‍්‍රත ගෝලීය ජාලයක් පිළිබද අදහස බලපෑවේය. පැකට් හුවමාරු කිරීමේ න්‍යාය හදුන්වා දීමද වැදගත් සංධිස්ථානයක්  විය. MIT සරසවියේ ලොරන්ස් රොබට් විසින් 1965 දී දුරකථන සබදතා ඔස්සේ මැස්වූසෙට්හි පරිගණකයක් කැලිෆෝනියාවේ පරිගණකයක් සමග සම්බන්ධ කළේය. එම අත්හදාබැලීම මගින් පුළුල් ක්ෂේත‍්‍රයක් ජාලකරණය කිරීමට හැකි ශක්‍යතාවය අනාවරණය විය.(පුෂ්පකුමාර, 2012, පිටුව 257-258)

1962 වසරේදී Rand Corporation නම් ඇමරිකා රාජ්‍ය සේවයේ කළ රැන්ඩ් පෝල් බැරන් විසින් සිය පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස මෙම අර්පානෙට් ජාලය නිර්මාණය කරන ලදී. රැන්ඩ් පෝල් බැරන් (Rand paul baron) නැමැත්තාට ඇමෙරිකානු ගුවන් හමුදාවෙන් නියමයක් ලැබුණි. ඒ න්‍යෂ්ටික ප‍්‍රහාරයකදී තම මිසයිල හා බෝම්බ පාලනය කිරීමත්, ඒවා කි‍්‍රයාත්මක කිරීමත් අඛණ්ඩව කළ හැකි ක‍්‍රමයක් පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ලෙසයි. මෙම කි‍්‍රයාදාමය පර්යේෂණ ජාලයක් විය යුතු අතර න්‍යෂ්ටික ප‍්‍රහාරයකින් ආරක්ෂා වෙමින් තම න්‍යෂ්ටික අවි වලින් ප‍්‍රතිප‍්‍රහාර දීමේ ශක්‍යතාවයකින් එය සමත් විය යුතුය. පෝල් බැරන්ගේ වාර්තාවේ මෙය සිදුකළ හැකි විවිධාකාර ක‍්‍රම දක්වා තිබූ අතර ඔහුගේ අවසාන යෝජනාව වූයේ ඇසුරුම් ස්විචගත ජාලයක් (Packet switched network) පිළිබඳ ඔහු තම වාර්තාවෙන් දැක්වීය.”(මධුභාෂණී, 2008, පිටුව 20) මේ ආකාරයට පර්යේෂකයින් හා විද්‍යාඥයින් විසින් කරන ලද විවිධ සොයා ගැනීම් ඔස්සේ මෙම අර්පානෙට් ජාලය වර්ධනය විය. අර්පානෙට් පරිගණක ජාලය නිරතදිග ඇමරිකාවේ ප‍්‍රධාන විශ්ව විද්‍යාල 4 ක් සමග පරිගණක හතරක් සම්බන්ධ කරමින් කි‍්‍රයාත්මක විය. ලොස්ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත්, සැන්ටා බාබරාහි පිහිටි විශ්වවිද්‍යාලයේත්, සැටැන්ෆර්ඩ් ආයතනයේත්, උටහා විශ්වවිද්‍යාලයේත් ප‍්‍රධාන පරිගණක සම්බන්ධ කරගනිමින් කි‍්‍රයාත්මක විය. 1972 වනවිට MIT හාවර්ඩ්  සහ BBN සහ පද්ධති සංවර්ධන සංස්ථාව (SDS)   යන ආයතන අතරද කි‍්‍රයාත්මක විය. 1972 දී සැටැන්ෆර්ඩ් MIT ලින්කොලන් රසායනාගාරයත් කානගී මෙල්ටන් සහ කේස් වෙස්ටර්න් රිසර්ව් (U)  යන ආයතන අතරද මෙම නව ජාලය කි‍්‍රයාත්මක විය. (පුෂ්පකුමාර, 2012, පිටුව 258)

1972 දී BBN හි කටයුතු කළ ජේ.ටොම්ලින් විසින් ARPANET සදහා විදයුත් තෑපෑල යොදා ගන්නා ලදී.  ඔහු @ සංකේතය භාවිත කරන්නාගේ නම User name සහ අන්තර්ජාල වෙබ් ලිපිනය සම්බන්ධ කිරීම සදහා ඔහුගේ දුරස්ථ අකුරු ගොන්නෙන් සංකේතයක් ලෙස යොදාගෙන තිබේ”.(පුෂ්පකුමාර, 2001, පිටුව 259). අර්පානෙට් ප‍්‍රධාන ජාල මාර්ගයේ සම්බන්ධයික වේගය තත්පරයට කිලෝබයිට් 5 ක් වූ අතර ග‍්‍රාහක සංඛ්‍යාව 23 ක් විය. අන්තර්ජාලය TCP/IP යන ක‍්‍රමය තොරතුරු හුවමාරුව සඳහා භාවිත කරයි. එයින් Transmission Control Protocol/Internet Protocol යන්න හැඟවේ. IP යන්න මගින් ජාලයේ ලිපිනය හා TCPයන්න මගින් පණිවුඩ නිශ්චිත ස්ථානයකට ලැබුණාද යන්න සහතික කෙරේ. තොරතුරු හුවමාරුවට භාවිත කළ හැකි මෙම ප‍්‍රබල ක‍්‍රමය 1974 හඳුන්වාදෙනු ලැබුවේ අර්පානෙට් ජාලය සංවර්ධනය කිරීමේ සාමාජිකයෝ වූ ජාතික පර්යේෂණ ආරම්භකයින්ගේ සංස්ථාවේ Corporation for National Research Institute(NRI) සභාපතිවරයා වූ රොබට් කාන් (Robert Khan) සහ පරිගණක විද්‍යා අන්තර්ජාල සංගමයේ සභාපති සහ ජාතික පර්යේෂණ ආරම්භකයින්ගේ සංගමයේ (NRI) උප සභාපතිවරයා වූ වින්ටොන් චෙෆ් (Vinton cerf) විසිනි. 1974 දී මෙම දෙදෙනා සම්පේ‍්‍රෂණ පාලන ප‍්‍රමිති පිළිබඳ ලිපියකදී අන්තර්ජාලය (Internet) යන පදය ප‍්‍රථම වරට භාවිතා කරනු ලැබීය.

 1970 දශකයේ මැද භාගයේදී ප‍්‍රාදේශීය පරිගණක ජාල බිහි විය.  රොබට්.එම්. මොට්කාෆ් විසින් 1976 දි එදර්නෙට් ජාලය බිහි කළ අතර එමගින් කෝක්සියල් කේබලය හරහා දත්ත අධිවේගයෙන් සම්පේ‍්‍රෂණය කළ හැකි විය. මෙය ප‍්‍රාදේශීය ජාල බිහිකිරීම සදහා (Local Area Network or LANS)තීරණාත්මක ලෙස බලපෑවේය. (මලලසේකර, 2001, පිටුව 18).පසුව  SATNET,  USENET, BITNET වැනි ජාල බිහි වූ අතර 1989 වසරේ World Wide Web (WWW)ලෝක ව්‍යාප්ත ජාලය අන්තර්ජාල බිහි වීමේ වැදගත් සන්ධිස්ථානයක් විය. මෙය නිසා අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව අතිවිශාල ලෙස ඉහළ ගියේය. ලෝකයේ පැතිරුණු ජාලය (World Wide Web) සේවය හදුන්වා දෙනු ලැබුවේ 1989 දී ඉංගී‍්‍රසි ජාතික ශී‍්‍රමත් ටිම් බර්න් ලී (Sir Tim Berners Lee) විසිනි. මෙම සේවාව මගින් විවිධ විෂයන් ගැන තොරතුරු නොමිලයේ ක්ෂණිකව ලබාගත හැක. (සිල්වා.ටී.එන්.ටී.ජී /දිවයින /බදාදා අතිරේකය/ 16.12.2015). අන්තර්ජාලය සපයන සේවාවන්හි වඩාත් පුළුල් ව්‍යාප්තියක් දැකගත හැක්කේ මෙම ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web) ඇතිවීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. 1991 දී ග‍්‍රාහක සංඛ්‍යාව 617,000ක් බවට ද, 1992 දී එය 1136000ක් ද, 1993 දී 6642.000ක් ද, 1996 දී 15,000.000ක් බවට පත්විය.” (මලලසේකර, 2001, පිටුව 22)

මෙසේ  අන්තර්ජාලය ලෝකයට බිහි වී දශක කිහිපයක් ගත වූ පසු අන්තර්ජාලය මාධ්‍ය ශී‍්‍ර ලංකාවට හදුන්වා දීම සිදු වේ.මොරටුව විශ්ව විද්‍යාලය මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට ප‍්‍රථම වතාවට අන්තර්ජාල මාධ්‍යය හා එක් වීමේ අවස්ථාව හිමි වේ. 1994 වසරේ දී රාජ්‍ය අනුග‍්‍රහය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා විද්වත් අත්හදා බැලීම් හා පර්යේෂණ ජාලය (LEARN-Lanka Experimential Research Network)ආරම්භ විය. මේ අනුව 1995 වසරේ අපේ‍්‍රල් 25 වන දින ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට අන්තර්ජාල මාධ්‍යය හඳුන්වා දෙයි. ශ්‍රී ලංකා විද්වත් අත්හදා බැලීම් හා පර්යේෂණ ජාලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දෙන නිසා ප‍්‍රථමයෙන් අන්තර්ජාල හා එක්වන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නියැලී සිටින පුද්ගලයන්ය.” (මධුභාෂණි, 2008, පිටුව 108). 
මෙසේ ඉතා කෙටි කාලයක් තුළ වර්ධනය වන අන්තර්ජාල මාධ්‍ය වර්තමානය වනවිට  එකිනෙක පුද්ගලයන් අතර, කණ්ඩායම්, පවුල්, සමාජ, රාජ්‍ය හා විශ්වීය මට්ටමෙන් සබදතා ගොඩනගා තිබෙනා මාධ්‍ය බවට පත්ව තිබේ. මෙහිදී ඉතාම සංකීර්ණ වූ අසීමිත කාර්යයන් ප‍්‍රමාණයක් මේ හරහා සිදුවේ.තාක්ෂණය නැමති ප‍්‍රපංචය හේතු කොට ගෙන වර්තමානය වන විට අන්තර්ජාලයේ කාර්යයන් ද වඩා සංකීර්ණ හා පුළුල් ස්වභාවයකට පත්ව තිබේ. මෙය තොරතුරු ගබඩාවක් ලෙස ද හැදින්විය හැකිය. ‘‘අන්තර්ජාලය මත වූ සම්පත් පරිහරණය සඳහා තාක්ෂණයන් ද අවශ්‍ය වේ. මෙවැනි තාක්ෂණයන් පරිගණක වැඩසටහන් ආකාරයට අන්තර්ජාලය මතට පැමිණ ඇත. ඒවා අන්තර්ජාලය මත වූ සේවාවන් ලෙස හැදින්වේ.’’ (කරුණානන්ද 1999, පිටුව 70) 
අන්තර්ජාල සංවාද (Internet Really Chat) ක‍්‍රමය අන්තර්ජාලයේ ප‍්‍රධාන සේවාවකි. මේ තුළින් සෘජුවම සජීවී ලෙස සන්නිවේදනය කළ හැකිය. සංවාද කාමර (Chat Room) තුළ හිඳිමින් මෙම ක‍්‍රියාවලිය සිදු කළ හැකිය. 1990 දශකයේ පරිගණක (Computer Hardware) බිහිවීමත් සමග පරිගණක ක‍්‍රීඩා  (Computer Sport) ජනප‍්‍රිය විය. ඒ තුළින් විද්‍යුත් අවකාශයේ  (Cyber Space) සැරිසරන අනෙකුත් පුද්ගලයින් සමග සකී‍්‍රයව සම්බන්ධ විය හැකිය. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ සාප්පු සවාරි (e- Shopping) බැංකු කටයුතු  (e-Banking) වෛද්‍ය පහසුකම් ලබාගැනීම (e- Medicine)  අධ්‍යාපන කටයුතු වල යෙදීම (e- Learn) ආදී වූ තම දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට මෙමගින් ජනතාවට හැකිවී තිබේ. නව අංග සහ ක‍්‍රමවේදයන් ඔස්සේ නව සීමාවන් අති‍්‍රක‍්‍රමණය කරමින් කි‍්‍රයාත්මක වන අන්තර්ජාලය වර්තමාන සමාජය තුළ සුවිශාල කාර්යයක්  සිදු කරයි.

Wednesday, March 2, 2016

සරසවිය



         පස්වරු 12.30


හරියටම දොළහහමාරයි වෙලාව

එකට තව ලෙක්ච(ර්) එකක්

 ඉබ්බගහන්නෙ කොහොමද?

උප සංස්කෘතියට එරෙහිව

ඉවසුව ඉවසුව මගේ වාරය එනතුරුම

 දෙන්න අයියෙ බත් එකක්

පරිප්පු ටිකක් වැඩියෙන් දාලා

මුළු බත් එකම කටවල් හත අටයි

අන්තිම කටේ ගලක්

 චරාස්

තූඃ නොදකින් මේ කැන්ටිම

ආයෙ කන්නෙ නෑ මේකෙන්

පනහෙන් ඉතුරු විස්සයි

සාක්කුවෙ තව දහයයි

හෙට සල්ලි වැටෙනකල් ඔන්න ඔහේ රෑටත් කනව

මේකෙන්ම.....................